Gossips

කණ්ඩලම සහ රන්දෙණිගල වාන් දමයි

පවතින අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව ඊයේ දීන රාත්‍රියේ සිට වාන් දැමීම පටන් ගෙන තිබෙනවා.
අද (07) දින උදෑසන වන විට අඟල් 10 ක ප්‍රමාණයක් කණ්ඩලම වැව වානෙන් ජලය පිටවන බවත් තප්පරයකට ඝන අඩි 600ක ජලය ඉන් පිටවන බවත් මහවැලි තාක්ෂණ ඉංජිනේරු එම් .එච් .එන් .ආර් .බණ්ඩාර මහතා පැවසුවා.
මේ හේතුවෙන් දඹුල්ල සිට වෑවල වැව දක්වා ධාවනය වන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා එල්ල වී තිබෙනවා.
කණ්ඩලම ජලාශයෙන් පිටවෙන වාන් ජලය මිරිස්ගොනිය ඔය හරහා කලා වැවට ලැබෙන අතර මේ වන විට කලාවැවේ ද වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙන බවයි මහවැලි නිලධාරීහු පවසන්නේ.
කණ්ඩලම ජලාශයට බෝවතැන්න ජලාශයෙන් විශාල වශයෙන් ජලය ලැබෙන අතර මේ වන විට ණ්ඩලම ජලාශයේ සොරොව් දෙකම විවෘත කර ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීම සිදුකරන බවයි මහවැලි නිලධාරීන් පවසන්නේ.
මීට වසර කිහිපයක සිටම කණ්ඩලම වැව ජලයෙන් පිරී නොතිබුණු අතර මෙවර අවස්ථා දෙකකදීම වාන් දැමීම සිදුවීම විශේෂත්වයක්.
මේ අතර රන්දෙණිගල ජලාශයද වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.