Gossips

ජීවිත දෙකකට මරු කැඳවූ අධික වේගය (ඡායාරූප)

යාපනය – මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ඊයේ (06) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ සිට යාපනය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක, යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කිලිනොච්චිය පොලීසිය පැවසුවේ.
යතුරුපැදියේ ආධික වේගය මෙම අනතුර හේතුවී ඇති අතර අනතුරින් යතුරුපැදිය දෙකඩ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව සඳහන්.
අනතුරින් මිය ගොස් ඇති එක් අයෙක් කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක් වන අතර අනෙක් තරුණයා කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පැවසුවේ.

ඡායාරූප – වවුනියාව, රොමේෂ් මදුසංක