අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලක් රජයට සහ මෙරට ජනතාවට සහය දීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහ සාමාජික රටවල් සූදානම් බව එහි මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ පවතින අර්බුදකාරී තත්ත්වය පාර්ලිමේන්තුව රැස්වී සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල බව බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නියෝජිත මයිකල් නෙස්බි සාමිවරයා ප්‍රකාශ කළා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියා නොකළ යුතු බවයි.