බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් එම කොමිෂන් සභාවේදී අද (07) දහවල් පැවැත්වෙනවා.
ඒ, පසුගියදා ඩීසල් මිල රුපියල් 07කින් අඩුකිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.
අද (07) දහවල් 12ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේ තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම්දීමට කටයුතු කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, සාකච්ඡාවේදී එළඹෙන එකඟතාාවන් මත බස් ගාස්තු අඩුකිරීම සම්බන්්ධයෙන් තීරණයකට පැමිණෙන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර ප්‍රකාශ කළේ.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය මාස තුනක් ඇතුලත යාවත්කාලික කිරිම සම්බන්ධයෙන් එළඹෙන එකඟතාව මත බස් ගාස්තු අඩුකිරීමට මෙම සාකච්ඡාවේදී එකඟතාව ලබාදීමට බලාපොරොත්තුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.