Gossips

පැවති ආණ්ඩුව දෙමළ ජනතාව ගැන නොසිතූ බව සම්බන්ධන් ඇමරිකාවට කියයි

දෙමළ ජනතාවගේ ගැටලූ විසදීමට පැවති රජය නිසි පියවර නොගත් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළා.
ඒ, ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටිප්ලිට්ස් කොළඹදී අද හමුවූ අවස්ථාවේදීයි.
මෙහිදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිවරිය සමඟ සාකච්ඡා කර තිබෙනවා.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් පැවති රජය මන්දගාමීව කටයුතු කළ බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ පිළිබඳව දෙමළ ජනතාව දැඩි කළකිරීමකින් සිටින බව ද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සඳහන් කර තිබෙනවා.