Gossips

ජනපති ඉතිහාසගතවන බව රුහුණු රට භික්ෂු පෙරමුණ කියයි

රට පාවාදුන් පිරිස් පළවා හරිනු ලැබූ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසගත වන බව රුහුණු රට භික්ෂූ පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් මේ බව කියා සිටියේ මාතර – වෙහෙරහේන පූර්වාරාම විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා ගත් තීරණය තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා කඩිනමින් මහ මැතිවරණයකට ගමන් කළ යුතු බවයි.