ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දිනය අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා. එංගලන්තය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන බෙන් ෆෝක්ස් ලකුණු 87 ක් ලබා සිටිනවා.
මේ අතර සිය සමු ගැනීමේ ටෙස්ට් තරඟයට සහභාගි වන ලොව විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ, එම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලූ 100ක් ලබා ගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වෙමින්.
මීට පෙර මුත්තයියා මුරලිදරන් ගාල්ල ක්‍රීඩාංගණයේදී මෙන්ම අස්ගිරිය සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණවලදී ටෙස්ට් කඩුලූ 100 බැගින් ලබා ගත්තා.
රංගන 100 වන කඩුල්ල ලෙස අද දවාගත්තේ එංගලන්ත නායක ජෝ රූට්.
මේ අතර ගාල්ලේ ක්‍රිකට් තරගය පැවැත්වෙන අතරතුර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා සිදුකිරීම වළක්වමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ, තරගයේ සංවිධාන කටයුතු ලබා නොදීමට එරෙහිව පිරිසක් විරෝධතාවයේ යෙදීමේ සූදානමක් පවතින බවට පොලීසිය කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.
එසේම ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන තරගය සැළසුම් කළ පරිදි මහනුවර – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
නවාතැන් පහසුකම් පිළිබඳ ගැටළුවක් හේතුවෙන් මෙම තරගය කොළඹදී පැවැත්වෙන බවට වාර්තා පළව තිබුණා.