Gossips

නෙස්බි සාමිවරයාගේ සහතිකය

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල බව බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා.
ට්විටර් පණිවුඩයකින් ඔහු අවධාරණය කරන්නේ ශ්‍රි ලංකාවේ තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියා නොකළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී එරට මන්ත්‍රිවරයෙකු ප්‍රශ්න කර තිබුණා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ මයිකල් නෙස්බි සාමිවරයා සිය ට්විටර් ගිනුම හරහා ප්‍රතිචාර දැක්වුවා.