Gossips

අලි මිනිස් ගැටුමට අතවනන විදුලි වැට

තට්ටු මාරු ක්‍රමයට බලයට පත් වු මෙරට කිසිදු රජයකට දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව පීඩා විදින අලි – මිනිස් ගැටුමට සාර්ථක විසදුමක් ලබා දීමට හැකි වුනේ නැහැ.
ඊට විසදුම් නොදීම හරහා මේ වනවිටත් වටිනා මිනිස් ජීවිත මෙන්ම සද්ධන්තයන් ද තම ජීවිත වලින් වන්දි ගෙවමින් සිටිනවා.
අද හිරු සී.අයි.ඒ. අනාවරණය වනජීවී දෙපාර්තමේන්තුවේ අඳ බාල ක්‍රියාපිළිවෙත හේතුවෙන් තවදුරටත් වර්ධනය වන අලි මිනිස් ගැටුම පිළිබඳවයි.
තබ්බෝව අභයභූමිය ආවරණය වන පරිදි කළුවරගස්වැව, නවගත්තේගම, වනාතවිල්ලුව ආදී ප්‍රදේශ හරහා කිලෝ මීටර් 300 ක පමණ දුරකට ස්ථාපිත විදුලි වැටක් තිබෙනවා.
වසර ගණනාවකට පෙර මෙම විදුලි වැට ඉදි කල ද එහි නිසි නඩත්තුවක් නොමැති කමින් දිවා රෑ දෙකෙහිම බොහෝ සද්ධන්තයින් ගම්වදින බවට ගම්වාසීන් චෝදනා කරනවා.
නව කණු යොදා ප්‍රතිසංස්කරණය නොකරන මෙම විදුලි වැට දිනපතා අලි මිනිස් ගැටුමකට මුල පිරීමට අත වැනීමක් බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ.