Gossips

ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල – ජල්තර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 සහ 19 හැවිරිදි වියේ පසුවන කඩුවෙල – රනාල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.
පසුගිය මස 28 වන දා සිදුවූ තියුණු ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර තිබුණේ 22 හැවිරිදි ඇඹුල්ගම – සමගි මාවතේ පදිංචි තරුණයෙක්.