Gossips

කෂෝගිගේ සිරුරට සිදුවූ දේ හෙළි කිරීමට සෞදිය බැඳී සිටින බව තුර්කිය කියයි

නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගිගේ සිරුරට සිදුවූයේ කුමක්ද යන්න හෙලි කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වගකීමට බැඳී සිටින බව තුර්කිය පවසනවා.
ජපානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු තමන් සතුව ඇති බවයි.
පරීක්ෂණ අවසන්වූ පසු එය හුවමාරු කරගැනීම සඳහා සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
සෞදි රජයේ විධානයක් නොමැතිව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට තුර්කියට පැමිණ කෂෝගි ඝාතනය කිරීමේ හැකියාවක් නොමැති බවයි තුර්කි විදේශ අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ.