Politics Sri Lanka

වීරවංස අක්කාගෙ දුවගේ මඟුල් ගෙදරට වියදම් කළේ ආණ්ඩුවේ සල්ලි

වීරවංස අක්කාගෙ දුවගේ මඟුල් ගෙදරට වියදම් කළේ ආණ්ඩුවේ සල්ලි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ විමල් වීරවංස මහතා සිය වැඩිමල් සහෝදරියකගේ දියණියකගේ විවාහ උත්සවය සඳහා ආණ්ඩුවේ මුදල් වියදම් කළ බවට ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙළිදරව් කළේ ය.

2018 අයවැය විවාදය අවස්ථාවේදී වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළ බවත් එම හෙළිදරව්ව සිදුකරද්දී වීරවංස මහතාගේ පක්ෂයේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ සිටි බවත් ඔහු එය ප්‍රතික්ෂේප නොකළ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.