Gossips

මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි

කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ද ඔහු මේ වන විට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මේ අතර, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්, පාර්ලිමේන්තුව තුල තවදුරටත් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු නොකරන බවට චෝදනා කරමින් ඔහු මීට පෙර පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.
පවතින දේශපාලන තත්ත්වයත් සමඟ ඔහුගේ තීරණය කුමක් ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි මේ බව කියා සිටියේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමෙන් පසුව දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී එස්. වියාලේන්දිරන් ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක් වුණා.
පසුව ඔහුට නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද හිමි වුණා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා ටිප්ලිට්ස්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හමුවී තිබෙනවා.
අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ නිවසේදී මෙම හමුව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.