Gossips

එළවළු මිල ඉහළ යයි ද?

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ වෙළදපොළෙහි එළවළු මිල ඉහළ යා හැකි බව දඹුල්ලේ එළවළු ව්‍යාපාරිකයන් පවසනවා.
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග සපයන මාතලේ දිස්ත්‍රික් ගොවි සංවිධාන රැසක්ම ප්‍රකාශ කර ඇත්තේ සිය වගාවන් අධික වර්ෂාවට ගොදුරු වී ඇති බවයි.
අපේක්ෂිත නිෂ්පාදන ඉලක්කයන් සපුරා ගත නොහැකිවීම සහ නිසි අස්වැන්නක් නොලැබීම හේතුවෙන් ඉල්ලුමට සරිලන එළවළු වෙළදපොළට සැපයීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යා හැකි බව එළවළු ව්‍යාපාරිකයන්ගේ අදහසයි.