Gossips

ඇමරිකාව සමඟ සාකච්ඡාවට චීනය සූදානම්

දෙපාර්ශවයටම පිළිගත හැකි වෙළඳ විසදුමක් සඳහා ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කළා.
ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ යුද්ධය හමුවේ චීන උප ජනාධිපති වෑන් කුයිශාන් මේ බව ප්‍රකාශ කළේ සිංගප්පූරුවේ පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවක් අමතමින්.
ඇමරිකාව සහ චීනය අතර යහපත් වෙළඳ සබඳතාවක් ලොව පුරා සංවර්ධනය සහ ස්ථාවරභාවය නිසා වැදගත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
වත්මන් වෙළඳ යුද්ධය ආරම්භ වූයේ චීනයට එරෙහිව ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් අධික තීරු බදු පැනවීමත් සමඟයි.