දුම්රියක් කාර්ම්ක දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රමාද වූ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාලයීය දුම්රියක් මාලපල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (06) පෙරවරුවේ කාර්මික දෝෂයකට ලක්වූ බවයි.
ඒ හේතුවෙන් පැය එක හමාරකට අධික කාලයක් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්රමාද වුණා.
Update :- Tuesday, November 6, 2018, 11.24 am
——————————————————–
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
දුම්රියක් කාර්ම්ක දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මෙම දුම්රිය කොට්ටාව සහ හෝමාගම අතර මාලපල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (06) උදෑසන මෙලෙස කාර්මික දෝෂයට ලක්ව ඇති බව සඳහන්.
එමෙන්ම, මරදාන සහ කොටුව අතර දුම්රිය වාර කිහිපයක් ද ප්රමාද වන බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියා.
සංඥා දෝෂයක් හේතුවෙන් මෙම ප්රමාදය සිදුවන බවයි එහි ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.