Gossips

ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවන් විරෝධතාවක

ඉන්දීය ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් සහ ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දීය ඔයිල් සමාගමේ බෙදුම්කරුවන් ඊයේ (05) එම සමාගමේ ප්‍රධාන කාර්යාලයට පැමිණ විරෝධතාවක නිරත වුණා.
එහිදී අදාළ බලධාරීන් සමඟ බෙදුම්කරුවන් අදහස් හුවමාරු කර ගැනීමට යාමේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
දැනට සංස්ථාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට අලෙවි කරන අතර, ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 153කටයි.
මේ හේතුව නිසා ඉන්දීය ඔයිල් සමාගම යටතේ සිටින බෙදුම්කරුවන්ගේ ආදායම අඩු වී ඇති බව ඊයේ ඔවුන් බලධාරීන්ට ප්‍රකාශ කළා.
මීට අමතරව ඩීසල් ලීටරයක් සංස්ථාව රුපියල් 116කට ලබාදෙමින් සිටියදී ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 118කටයි.
අදාළ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට බෙදුම්කරුවන් පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.