Gossips

සමුගැනීමට පෙර ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පන්දු යවන්නා රංගන කඳුළු සඟවා කළ සංවේදී කතාව

සමුගැනීමට පෙර ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පන්දු යවන්නා රංගන කඳුළු සඟවා කළ සංවේදී කතාව "
ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පන්දු යවන්නාගේ සමු ගැනීමේ සාදය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවනවා.
අද වනවිට ටෙස්ට් කඩුලු 430ක් සිය පැසට දමාගෙන සිටින මේ වමත් දඟයා සිය සමුගැනීමේ සාදය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථාවේදී හැගීම්බර වුනා.
– රංගන හේරත්
– මගේ අම්මයි තාත්තයි නැහැ ජීවතුන් අතර, (හැඟීම්බරව)……… ඒ ගොල්ලන්ගේ ඒ මුල ඉඳලා තිබුණු සහයෝගය නිසා තමයි මට මේ වගේ තැනකට එන්න පුළුවන් වුණේ…….. වැදගත්ම දේ තමයි කොයි වෙලාවකවත් කණ්ඩායමෙන් ඩ්‍රොප් වුනා කියලා මගේ පුහුණුවීම් මගහැරලා. වෙනත් පැත්තකට හිත යොමු කරන්නේ නැතුව, මට මම ගැන ලොකු විශ්වාසයක් තිබුණා, මට ආයෙත් මේ දේ කරන්න පුළුවන් කියන එක. මම හැමවෙලේම බැලුවා පුහුණුවීම් කරනකොට හෝ මැචස් ගහනකොට තමන්ට හොරයක් නොකර කොහොමද ඒ වැඩ කරගන්නේ කියන එක. මම හිතන්නේ මගේ ඒ දේවල් තමයි ඉස්සරහට ඉන්න කෙනෙකුට ගන්න තියෙන්නේ.