Gossips

ශ්‍රී ලන්කන් වෙළඳපොළ ප්‍රතිශතය 30.3%

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය 2017 වසර තුළ දිවයිනට රැගෙන ආ සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 2.1කින් පහත වැටී තිබෙනවා.
ජාතික ගුවන් සේවය පසුගිය වසරේදී දිවයිනට රැගෙන ආ සංචාරකයින්ගේ සංඛ්‍යාව හයලක්ෂ 41,634ක්.
ඊට අහිමි වූ වෙළදපොළ ප්‍රතිශතය අනෙකුත් ආසියාතික ගුවන් සේවා විසින් හිමිකරගෙන ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිවයිනට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 30.3ක් පසුගිය වසරේදී රැගෙන විත් ඇති අතර, 2016 වසරේදී එම ප්‍රතිශතය සියයට 32ක්.