Gossips

කථානායකගේ ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බව නිදහස් පක්ෂය කියයි

පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති මොහොතක කථානායකවරයා ඒ පිළිබදව විවිධ ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එම පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් මේ බව කියා සිටියේ කථානායක කරු ජයසූරිය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.
කථානායක කරු ජයසූරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවයි.