Gossips

විනය කඩ කළ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, විනය කඩ කිරීමේ චෝදනා මත සංචිතයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කළා.
ඒ වෙනුවට දුශ්මන්ත චමීර කණ්ඩායමට එක්වනු ඇති.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භවීමට නියමිතයි.