Gossips

නවදිල්ලිය – ධූලි වලාවෙන් වැසේ

දීපවාලි උත්සවයට ඉන්දියානුවන් සැරසෙද්දී, දිල්ලි අගනුවරවාසීන් දැන් උග්‍ර අර්බුදයකට මුහුණ දෙනවා.
ඒ, ඝන ධූලි වලාවලින් නගරය වැසී යාම නිසයි.
දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ මටටම මෙන් 20 ගුණයකටත් අධිකයි.
දීපවාලි උත්සවය සඳහා රතිඤ්ඤා දැල්වීමත් සමඟ ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වායු දූෂණය අවම කිරීම සඳහා රතිඤ්ඤා දැල්වීම පැය දෙකකට සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ද ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවීම දුෂ්කර කරුණක්.
වායු දූෂණය හේතුවෙන් වසරකට මිලියනයක් ඉන්දියානුවන් මිය යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.