Gossips

අගමැති ජනපති රට රකින ජන මහිමය රැළියට එක්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැළියට එක්වුණා.


රජයට සහය පළ කරන ‘‘ජනමහිමය’’ රැළිය අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසළදී ආරම්භ වූවා.
රැළියට සහභාගිවීම සඳහා බත්තරමුල්ල – සෙත්සිරිපාය, රාජගිරිය – ගුවන් පාලම සහ පාලම් තුන හන්දිය යන ස්ථාන 3කින් අති විශාල ජනකායක් පා ගමනින් පාර්ලිමේන්තු වට රවුමට පැමිණි බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
ජන රැළිය අමතමින් පිළිගැනීමේ කතාව සිදුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින්.
මීට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද රැළිය අමතමින් අදහස් දක්වා සිටියා.
එමෙන්ම නව රජයට සහය පළ කරමින් එක්වූ ආරුමුගම් තොණ්ඩමන් ද ජනමහිමය රැළියට එක්වෙමින් අදහස් දැක්වූ බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිටත් රැළිය පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වෙනවා.