Gossips

පාකිස්ථානය ඉදිරියේ නවසීලන්තයට අමිහිරි පරාජයක්

නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 47 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟවලිය 3ට බින්දුවක් ලෙස ජය ගත්තේ ද පාකිස්ථානයයි.
අබුඩාබි හි ඊයේ නිමාව දුටු අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 166 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 119 ක් පමණයි.