Gossips

මාරවිල අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාරවිල, තෝප්පුව – මාදම්පේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්‍රිරෝද රථයක් පාපැදියක ගැටී මෙම අනතුර ඊයේ සිදුව ඇති බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පාපැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි මහබද්දේගම – මාදම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.