Gossips

කේරළ ගංජා ප්‍රවාහනය කළ තුන්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් තුන්දෙනෙකු වවුනියාව – ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මුලස්ථානයේ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මැදිරියට ඊයේ ලද තොරතුරකට අනුවයි මොවුන් ලග තිබී කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 126ක් සොයාගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 29ත් අතර පසුවන සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඡායාරූප – වවුනියාව, රොමේෂ් මදුසංක