Gossips

ඇමරිකානු සම්බාධකවලට එරෙහිව ඉරානයේ විරෝධතා

ඇමරිකාව ඉරානයට පැනවූ නව සම්බාධකවලට එරෙහිව ඉරාන ජාතිකයන් දහස් ගණනක් ඊයේ විරෝධතාවල නිරතවුණා.
ටෙහෙරාන් නගරයේ පිහිටා තිබූ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
එහිදී ඇමරිකානු ධජ ගිනි තබා ට්‍රම්ප් විරෝධී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවූ බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.
2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අනුව ඉවත් කෙරුණු සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය පසුගියදා තීරණය කළා.
ඉරානයට එරෙහිව මෙතෙක් පැනවුණු දැඩිම සම්බාධක පෙළ මෙය වන අතර, එහිදී ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු ක්ෂේත්‍ර ඉලක්ක කර ගැනෙනවා.
කෙසේ නමුත්, ඉරානය ප්‍රකාශ කළේ තමන් 2015 වසරේ මහ බලවතුන් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කර ඇති බවටයි.