Gossips

Update – හක්මනදී වෙඩි වැදුණු තැනැත්තා මරුට

හක්මන, කැබලියපොළදී අද (04) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබෙනවා.
අද පස්වරු 4.30ට පමණ යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 48ක් පමණ වන බවයි පොලීසිය කියා සිටියේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Update :- Sunday, November 4, 2018, 6.11pm
——————————————————————-
හක්මන වෙඩි පත්තුවෙයි
හක්මන, කැබලියපොළදී අද (04) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.