Gossips

මිලියන 500යේ කතාව බොරු – ඇමති වසන්ත සේනානායක

රුපියල් මිලියන 500කට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
තමා සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ රටේ ඇති වූ, රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපතිවරයාගේ ආරාධනය මත තමා ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කළ බවයි.
කිසිදු අවස්ථාවක මුදලට තමා මන්ත්‍රී ධුරය පාවා නොදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂය සමඟ රජයේ සිටි නමුත් තමන් අපේක්ෂා කරන සේවය රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටු කිරීමට එම නායකයින් අපොහොසත් වූ බවයි ඔහු සිය නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දෙන්නේ.