Gossips

කුලියට ගත් භාණ්ඩ වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කුලී පදනම මත භාණ්ඩ ලබාගෙන නැවත ලබා නොදී වංචා කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මතුගම ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් බියගම, පෑලියගොඩ, කඩවත සහ ගම්පහ යන ප්‍රදේශවල ආයතනවලින් මෙලෙස භාණ්ඩ ලබාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
විදුලි උපකරණ අලෙවි නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් කළක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති අතර, ඒ සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ද උපයෝගී කරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හපුතලේ සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.