Gossips

හෙට සිට වැසි වැඩිවන ලකුණු

හෙට (05) සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි.
ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට වැඩි වශයෙන් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන අතර, හම්බන්තොට, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ද තද වැසි පැවතිය හැකියි.