Gossips

ලබන වසරේ සියයට 5 ක ආර්ථික වර්ධන ඉලක්කයක්

ලබන වසරේ සියයට 5 ක හෝ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව රජය පවසනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අප කළ විමසීමකදී කියා සිටියේ රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගැනීම සඳහාද විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
විශේෂයෙන් එළඹෙන වසර තුළ කෘෂිකර්මාන්තයේ ඉහළ වර්ධනයක් අපේක්ෂා කරනවා.
මේ වනවිට මෝසම් වැසි ලැබීමත් සමඟ ජල විදුලි උත්පාදනයද ඉහළ මට්ටමක පැවතීම රටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල වැඩිදුරටත් කියා සිටියේ.