Gossips

කුවේට්හිදි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට පහරදී දිවි නසාගනී

කුවේට් හි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට තියුණු ආයුධයකින් පහරදී, තමන්ද සියදිවි හානිකරගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිවාස සංකීර්ණයක 9 වන මහලින් පැන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
මෙම පුද්ගලයාගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මුබාරක් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සිද්ධියට හේතුව පිළිබඳ මෙතෙක් සඳහනක් නැහැ.