Gossips

පසුගිය රජයට දේශීය ව්‍යාපාරිකයා ගැන සංවේදී හැඟීමක් තිබුණේ නැහැ – ජී.එල්

දේශීය ව්‍යාපාරිකයා කෙරෙහි සංවේදී හැඟීමක් පසුගිය රජය සතුව නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වත්මන් රජයට එය නිවැරදි කළ හැකි බවයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ කුලී සේනාංකයක් බවට පත්ව ඇති බවයි.