Gossips

පසුගිය රජයට ඡන්දය දුන් කැළණිය විහාරාධිපති හිමියන් කනස්සල්ලෙන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා.
ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා කැළණිය රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවේ කැළණිය විහාරාධිපති හිමියන් පසුගිය රජය සම්බන්ධයෙන් අදහස් පළකළා.
එසේම, බම්බලපිටිය කදිරේෂන් කෝවිලට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී ද ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත් බව සදහන්.