පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයාට කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකිරීම පමණක් බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය මේ වනවිට තමන් සතු බවද ඔහු කියා සිටියා.