Gossips

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක්

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් කෝප් සිටි ආයතනය මගින් සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමේ කූට ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
අද හිරු සී.ඒ.අයි. අනාවරණය ඒ පිළිබඳවයි.
කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත ආහාර දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම ධන්‍යාගාරයේ ගබඩා සංකීර්ණයේ පසුගිය කාලයේ දේශීය ගොවීන්ගෙන් කිලෝග්‍රෑමයක් රුපියල් 92 ක මිලකට කෝප් සිටි හරහා මිලදී ගත් අර්තාපල් තොගයක් ගබඩා කර තිබෙනවා.
කිලෝග්‍රෑම් දහස් ගණනක් වන මෙම අල තොගය මේ වන විට දැඩි ලෙස නරක් වී පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයටයි පත්ව ඇත්තේ.
මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ගබඩා භාර සේවකයා ප්‍රකාශ කර සිටියේ සතොස හරහා මෙම අල නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.