Gossips

වතු සේවක වැටුප් ගැටලූවට කැබිනට් පත්‍රිකාවක් එයි

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.
‘‘ඊයේ රාත්‍රියේ මම යි වඩිවේල් සුරේෂ් රාජ්‍ය ඇමතිතුමයි ගිහින් අගමැතිතුමාව මුණ ගැසුණා. එහිදී අපි වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව සම්බන්ධයෙන් අගමැතිතුමාගේ අවධානය යොමුකළා. එතනදී අගමැතිතුමා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නා අපි සමග ඒ ගැන සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා. මෙම ගැටලූවේදී වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් යන දෙපාර්ශවයේම අදහස් විමසලා විසදුමකට එන්න කියලා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඒ අනුව, වතු වැටුප් ගැටලූව සම්බන්ධයෙන් විසදුමක් සහිත කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගනී. ’’