Gossips

කරුණාරත්න සොහොයුරන් කලහකාරි ලෙස හැසිරේ

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 66 වන ජාතික ශූරතා බැඞ්මින්ටන් තරඟාවලියේදී බුවනෙක ගුණතිලක සමඟ පැවති අවසන් පූර්ව තරඟය ජයගත් දිනුක කරුණාරත්න අවසන් තරඟයට ඊයේ සුදුසුකම් ලබාගත්තා.
කෙසේ වෙතත්, මෙවර තරඟාවලියේ කැපී පෙනුණු ක්‍රීඩකයා වූ බුවනෙක මූලික වටයේ තරඟයකදී නිලූක කරුණාරත්න පරාජය කිරීමද කැපී පෙනුණා.
මේ අතර, ඊයේ තරඟයෙන් අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු කරුණාරත්න සොහොයුරන් ක්‍රීඩාංගනයේ සිටි පුහුණුකරුවෙකු සමඟද වචන හුවමාරුවක නිරත වූ බව සඳහන්.