කළුතර – මහවස්කඩුව ප්රදේශයේ නිවසක දී කාන්තාවක සැක කටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
80 හැවිරිදි ඇගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති අතර, එම අවස්ථාවේ ඇය නිවසේ තනිව සිට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය වන විට මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීම සඳහා නිවසින් පිටව ගොස් තිබූ බව ද අනාවරණ වී තිබෙනවා.