Gossips

හොර සල්ලිවලට ගංජා අරන් යන්න ආ තරුණයා පොලිස් දැලේ (ඡායාරූප)

රුපියල් දෙලක්ෂ පනස්දහසක ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අද (03) වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේදී වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගංජා ජාවාරමේ නිරත පුද්ගලයෙකුට ව්‍යාජ මුදල් ලබාදි ගංජා රැගෙනයාමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මෙම ජාවාරම වෙනුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු පළාගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙම ව්‍යාජ මුදල් තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය