තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ.එච්.එම්. ෆවුසි මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
දිවුරුම්දීම අද පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.
තවත් අමාත්‍යවරුන් පිරිසක් අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.