Gossips

අනතුරට පත්වූ ඉරාන ගුවන් යානයේ සුන්බුන් සොයාගැනේ

ඉරානයේ ටෙහෙරාන් නුවර – මෙහෙරාබාද් ගුවන් තොටුපලෙන් ගමන් ආරම්භ කර සැග්ග්‍රෝස් කඳු වැටිය ආසන්නයේදී අනතුරට පත්වූ යානයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා.
පසුගිය දින දෙකෙහි හිම පතනයත් සමඟ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානය කඩාවැටී තිබූ ස්ථානයට ළඟාවීමට ඉරාන හමුදාවලට නොහැකිවුණා.
මෙම අනතුර හේතුවෙන් ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයින් 66 දෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර, මෙය වසර 20ක් පැරණි යානයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.