Gossips

බොරැල්ලේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

බොරැල්ල – ටී 20 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 20ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
48 හැවිරිදි සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.