Gossips

ඉරානයට ඇමරිකානු සම්බාධක දැඩි වෙයි

2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අනුව ඉවත් කෙරුණු සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව මෙතෙක් පැනවුණු දැඩිම සම්බාධක පෙළ මෙය වනු ඇති බවයි.
එහිදී ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු ක්ෂේත්‍ර ඉලක්ක කර ගැනෙනවා.
ඉරානය සිය බැලිස්ටික් මිසයිල වැඩසටහන නතර කර නොමැති බව පවසන ට්‍රම්ප් පරිපාලනය සිරියාවට සහ යේමනයට මැදිහත් වන බවට ද චෝදනා කරනවා.
කෙසේ නමුත්, ඉරානය ප්‍රකාශ කරන්නේ තමන් 2015 වසරේ මහ බලවතුන් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කර ඇති බවයි.
සම්බාධක යළි පැනවීම පිළිබදව බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය සහ යුරෝපා සංගම් විදේශ කටයුතු ප්‍රධානී ෆෙඞ්රිකා මොගෙරිනී දැඩි කණස්සල්ල පළ කළා.