Gossips

අදත් දිවයිනේ පළාත් රැසකට තද වැසි

දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදී උතුරු – නැගෙනහිර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ 5, 6 සහ 7 යන දිනයන්හිදී එහි බලපෑම සිදුවනු ඇති බවයි.
එමෙන්ම අද පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විශේෂයෙන් කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකියි.