Gossips

මින්නේරියේදී ඝාතනයක්

මින්නේරිය – මහරත්මලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය බාල සොහොයුරා ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඔවුන් නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඒ අතරතුර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි මින්නේරිය පොලීසිය සඳහන් කළා.
මොවුන් දෙදෙනා අතර කාලයක පටන් විටින් විට විවිධ ආරවුල් පැවති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි එක් දරු පියෙක්.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ වැඩිමහල් සොහොයුරා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.