Gossips

අගමැති කතරගමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්වීමෙන් පසු අද (02) පෙරවරුවේ කතරගම පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා.
අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර වැද පුදාගෙන කතරගම මහා දේවාල භූමියට පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහිදී රුහුණු මහා කතරගම මහා දේවාලය ඇතුළු පරිවාර දේවාල වෙත ගොස් පළතුරු පූජා පවත්වා අග්‍රාමාත්‍යවරයා ආශිර්වාදය ලබාගෙන තිබෙනවා.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමිවරුන් ද බැහැ දුටු බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.
එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (02) පස්වරුවේ වලස්මුල්ල ජාතික පාසල් භූමියේ පැවති ජාතික සාහිත්‍ය හා කලා මහෝත්සවය සඳහා ද සහභාගි වුණා.