Gossips

රුපියල ශක්තිමත් වෙයි

පසුගිය කාලය තුලම සීඝ්‍රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද (02) දක්නට ලැබුණා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ සටහන් වූයේ රුපියල් 177 යි ශත 32 ක් ලෙසයි.
එහෙත්, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 යි ශත 82 ක් ලෙස අද සටහන් වුණා.
මේ අතර, මහබැංකුව නිකුත් කරන බැඳුම්කරවල ඵලදායිතාව නොවෙනස්ව පැවති බවයි මූල්‍ය වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.