අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක නිකුත් කර ඇති නිවේදනවල වලංගුභාවයක් නොමැති සහ සාවද්‍ය තොරතුරු අඩංගු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වුණේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයා ද පත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව ද එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම සාගල රත්නායක නමින් කිසිදු නිලධාරියෙකු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය නොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.